විදේශීය

ට්‍රම්ප්ගෙන් නැවතත් චීනයට චෝදනා

Covid 19 වෛරස ආසාදනය වී ඇති බවට තහවුරු වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට සිය රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගෙවුණු පැය 24 තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිඳු කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ බව ඔහුගේ වෛද්‍යවරයා වන ෂෝන් කොන්ලී පවසයි.

කෙසේ වෙතත් ට්‍රම්ප්ට Covid වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී තවමත් ගතවී ඇත්තේ දින 6ක් පමණි.

මේ අතර ට්‍රම්ප් සමාජ මාධ්‍යට වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තමන් පූර්ණ සුවයෙන් පසුවන බවත් ඔහුට ලබා දුන් ඖෂධ‌ය අනෙක් ආසාදිතයින්ටත් නොමිලේ ලබා දීමට උත්සහකරන බවත් ය.

එමෙන්ම Covid 19 වෛරසයේ වගකීම චීනය භාරගත යුතු බවත් ඒ සඳහා මූල්‍යමය වශයෙන් විශාල වන්දියක් ගෙවිය යුතු බවත් ට්‍රම්ප් දැඩිව ප්‍රකාශ කර තිබේ.

මීට පෙර අවස්ථා ගණනකදී ම මෙලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනයට Covid 19 වෛරසය සම්බන්ධයෙන් චෝදනා එල්ලකර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?