දේශීය

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය වසා දමයි

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අද (08) සහ හෙට (09) දිනයන් හි තාවකාලිකව අත්හිටුවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.‍

ඒ අනුව කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය අද සහ හෙට අමුත්තන් සඳහා වසා දමන අතර විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ විමසීම්, මරණ සම්බන්ධ ලියකියවිලි සහය සහ අපනයන ලේඛන සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක් කලින් වේලාව වෙන්කරවා ගැනීමේ පදනම මත භාරගන්නා බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

එම කටයුතු සඳහා පහත සඳහන් හදිසි ඇමතුම් අංක ඔස්සේ වේලාව වෙන්කරගත හැකිය.

විදේශයන්හි සිදුවන මරණ පිළිබඳව           –           011 233 88 36 / 011 233 59 42

අපනයන ලේඛන සහතික කිරීම සඳහා       –           011 233 88 12  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?