දේශීය

හොරණ රෝහලේ හෙදියන් දෙදෙනෙකුට සහ ගම්පහ රෝහලේ සුළු සේවකයෙකුට කොවිඩ්

Covid 19 වෛරසය හෙදියන් දෙදෙනෙකුට ආසාදනය වී ඇති බවට හදුනාගැනීමත් සමග හොරණ මූලික රෝහලේ 5 වන සහ 9 වන වාට්ටු තාවකාලිකව වසා තැබිමට පියවර ගෙන ඇත.

එක් හෙදියකගේ ස්වාමි පුරුෂයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන පුද්ගලයෙක් බවත් ඔහුට සහ තවත් පවුලේ සාමාජිකයෙකුට Covid 19 වෛරසය ආසාදනය වී ඇති අතර අනෙක් හෙදිය ඇතුළු ආසාදිතයින් අයි.ඩි.එච් රෝහලට සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුලත් කර ඇති බව සදහන් වේ.  ‍‍

Covid 19 වෛරසය ගම්පහ රෝහලේ සුළු සේවකයෙකුට ද ආසාදනය වී ඇති බවට හදුනාගෙන ඇති අතර එම පුද්ගලයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?