දේශීය

ISIS තහනම් කළ යුතුව තිබුණා – රනිල්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබා දීම සඳහා ඊයේ (13) පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණි අතර එහි දී පැය 5ක පමණ කාලයක් සාක්ෂි ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් ඇත.

එහි දී සාක්ෂි ලබා දුන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, මුස්ලිම් කාන්තාවන් පළඳින නිකාබය, බුර්කාව වැනි ඇඳුම් තහනම් කිරීමට පියවර ගැනීම අන්තවාදීන්ට ආයුධ ලබා දීමක් බවයි.

එසේම එම තීරණය සම්ප්‍රදායික සහ මධ්‍යස්ථ මතවාදී මුස්ලිම්වරුන්ගේ සහයෝගය නැතිකර ගැනීමට තුඩුදුන් තීරණයක් බව ද එහි දී සඳහන් විය.

තවදුරටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, ISIS ත්‍රස්ත සංවිධානය මෙරට තුළ තහනම් නොකළේ එම සංවිධායේ අදහස් දැරූ පුද්ගලයින් මෙරට සිටිය ද අන්තාර්ජාලය ඔස්සේ ඔවුන් පැවැත් වූ සබඳතා පිළිබඳව කරුණු අනාවරණය වුවත් ක්‍රියාත්මක වීමක් පිළිබඳ කරුණු කිසිවක් අනාවරණය වී නොතිබූ නිසාවෙන් බවයි.

කෙසේ වෙතත් ISIS ත්‍රස්ත සංවිධානය මෙරට තුළ තහනම් කළ යුතුව තිබුණා යැයි තමන්ට දැන් හැඟී ඇති බවත් අප්‍රේල් ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ වෙත තොරතුරු නොලැබීම බුද්ධි අංශවල දුර්වලතාවයක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ පවසා ඇත.

ආරක්ෂක මණ්ඩල රැස්වීම පැවැත්වීමට නිශ්චිත දිනයක් යොදානොගැනීමෙන් එම රැස්වීම පැවැත්වීමේ වැඩකටයුතු අවුල් සහගත තත්ත්වයකට පත්වීම හේතුවෙන් තමා අවස්ථා කිහිපයකම හිටපු ජනාධිපතිවරයාට ඒ පිළිබඳව දන්වා සිටියත් එය නිසි ලෙස සිදු නොවූ බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කොමිසම හමුවේ පවසා තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?