දේශීය

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1,723 දක්වා ඉහළට

නව කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියත් සමඟ අද (15) දිනයේ දී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 132 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම වෛරස ආසාදිතයින් අතරින් පුද්ගලයින් 5 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සෙවකයින් වන අතර අනෙක් පුද්ගලයින් 127 දෙනා එම කම්හලේ සේවය කරන පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් වේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1,723 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් ආසාදිතයින් 1,041 දෙනෙකු ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර අනෙක් පුද්ගලයින් 682 දෙනා එම කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,170 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 3,357 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ.

තවත් ආසාදිතයින් 1,800 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?