විදේශීය

පාකිස්ථාන අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි විරෝධතා

පාකිස්ථානයේ වත්මත් අගමැතිවන ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වෙන්නැයි බල කරමින් විශාල පිරිසක් වීදි බැස විරෝධතාවයේ නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථානයේ ප්‍රබල විපක්ෂ කණ්ඩායම් 9ක් මෙම විරෝධතාවල මූලිකත්වය ගෙන කටයුතු කරන අතර කරච්චි නුවරට රැස් වූ විපක්ෂ ආධාරකරුවන්, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය රට අස්ථාවර කර ඇති බවට චෝදනා කරයි.

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දියණිය වන මර්යාම් නවාස් එම විරෝධතාවල පෙරමුණගෙන කටයුතු කරන අතර ඇය පවසන්නේ, රටේ ජනතාවගේ රැකියා අහිමි කළ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ වන විට ජනතාවගේ ආහාර වේල පවා අහිමිවන තත්වයකට රට පත්කර ඇති බවයි.

කොරෝනා ගෝලීය වසංගත තත්වය ව්‍යාප්ත වීමට පෙර සිටම පාකිස්ථානයේ ආර්ථිකය පහත වැටෙමින් තිබූ අතර ගොවීන් හාමතේ නිවෙස්වල සිට දුක් විදින බවත් තරුණ පරම්පරාව අනාගතය පිළිබඳව කලකිරී ඇති බවත් අනෙකුත් විපක්ෂ කණ්ඩායම් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රම්‍රඛ රජයට චෝදනා කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *