ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරු 5 දෙනෙකු මේජර් ජෙනරාල් ධුරයට උසස් කෙරේ
ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු මේජර් ජෙනරාල් ධුරයට උසස් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම නිලධාරීන් මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත්තේ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය අනුවයි.
මෙලෙස මේජර් ජෙනරාල් නිලයට උසස් කර ඇත්තේ,
- බ්‍රිගේඩියර් මනෝජ් ළමාහේවා
- බ්‍රිගේඩියර් ධම්මි හේවගේ
- බ්‍රිගේඩියර් අජිත් දිසානායක
- බ්‍රිගේඩියර් මංජුල කරුණාරත්න
- බ්‍රිගේඩියර් ලාල් චන්ද්‍රසිරි යන මහත්වරුන් ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
