දේශීය

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම හෙට

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) සිට ආරම්භකරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හෙට දිනයේ සිට එළඹෙන 27වන දින දක්වා ඇගයීම් මධ්‍යස්ථාන 39ක දී සහ ඇගයීම් මණ්ඩල 391ක් යටතේ එම පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිතව ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ හැර සෙසු ප්‍රදේශවල එම ඇගයීම් කටයුතු සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

එමෙන්ම ඇගයීම් කටයුතු සඳහා ඇගයීම් මණ්ඩල වෙත වාර්තා කරන ලෙස සියලුම පරීක්ෂකවරුන්ට කෙටිපණිවිඩයක් මඟින් මේ වන විට දන්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය වන්නේ නම්,

  • 0112 78 52 31
  • 0112 78 52 16
  • 0112 78 40 37 යන දුරකථන අංක හරහා සම්බන්ධවන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?