දේශීය

කොවිඩ් ආසාදිතයින් 6287ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 2817ක් වන අතර මෙරට සමස්ත කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 6287කි.

ඒ අනුව ආසාදිතයින් 2712ක් ප්‍රතිකාර ලබන අතර 3561දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊයේ (22) දින කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 309ක් ඉක්මවා ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරන අතර පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයෙන් ආසාදිතයින් 180ක් ඉක්මවා ඇති බවත් ඉතිරි පුද්ගලයින් සෙසු ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය.

කෙළඹින් 31ක්, ගාල්ලෙන් 09ක්, මාතරින් 01, ගම්පහින් 40ක්, කුලියාපිටියෙන් 14ක්, අනුරාධපුරයෙන් 02, නිරෝධායන මධ්‍යස්තාන තුළින්  24ක් හා බේරුවලින් ද කිහිපදෙනෙක් මෙලෙස හඳුනාගෙන ඇත.

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුලියාපිටිය ප්‍රදේශයේ 50 හැවිරිදි කාන්තාවක් ඊයේ පස්වරුවේ මියයාමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ 14ක් වාර්ථා විය.

මේවන විට ගම්පහ දිස්ත්‍රික්කයට,කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 6කට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5කට හා කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයකට නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මකයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?