දේශීය

රාජ්‍ය බුද්ධි සේවයේ දෙවෙනියා ලෙස රගපෑ පුද්ගලයෙකු අත්අඩංගුවට

රාජ්‍ය බුද්ධි සේවයේ දෙවෙනියා බව පවසමින් පොලිස් නිලධාරීන් නොමඟ යැවීමට උත්සාහ කළ සැකකරුවෙකු වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි ගාල්ල කළුවැල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු රාජ්‍ය බුද්ධි සේවයේ දෙවෙනියා බව පවසමින් එම පොලිස් ස්ථානයේ සුළු පැමිණිල්ලක් විභාගයට පැමිණ සිටි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 03 ක් රදවාගෙන ප‍්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇති බවත් පොලිස් මූලස්ථානය පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *