Latestදේශීය

පියංකර ජයරත්නට එරෙහි තවත් දූෂන නඩුවක් නොවැම්බර් 13 කැඳවයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු ඇමති පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන තවත් නඩුවක් වැඩිදුර විභාගය සඳහා නොවැම්බර් 13 වැනිදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය විසින් නියම කර ඇත.

ඒ, මෙම නඩුව ඊයේ (02) කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙළ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකාර හිටපු ඇමති පියංකර ජයරත්න අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරිනියගේ මෙහෙයවීම යටතේ නඩුවේ විමර්ශන නිලධාරියෙකුගෙන් සාක්ෂි සටහන් කරගැනීම සිදුවූ අතර, ඉන් අනතුරුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දුගේ මෙහෙයවීම යටතේ හරස් ප්‍රශ්න ඇසීම සිදු කර ඇත.

සිවිල් ගුවන් සේවා ඇමති වශයෙන් කටයුතු කළ 2013 වසරේ මැයි 10 වැනිදා සහ ජුනි 06 වැනිදා අතර කාලසීමාව තුළ, අනීතික ලෙස වෙසක් කාඩ්පත් 3,000ක් මුද්‍රණය කිරීම තුළින් රජයට රුපියල් එක්ලක්ෂ විසිඅටදහස් පන්සිය විස්සක (රු. 128,520) පාඩුවක් සිදුකිරීම හරහා “දූෂණය” නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් හිටපු ඇමතිට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *