දේශීය

සති අන්තයේ දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීති පැනවීමක් නෑ

මෙම සති අන්තයේ (24,25 ) දිවයින පුරා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොකරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මේවන විට ඇඳිරි නිතිය පනවා ඇති පොලිස් බලප්‍රදේශ සහ හුදෙකලා කොට ඇති ගම්මානවලට අදාල නීති වෙනසක් නොවන බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන ලදි.

පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ  කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් රට සම්පූර්ණයෙන් වැසීමේ අවශ්‍යතාවයක් නොවන බවයි.

කළින් පැවති කොවිඩ් වෛරස තත්වයට වඩා  එම වෛරසය පිළිබඳ විශේෂඥ දැනුමක් මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයට මේවන විට ඇතිබවත් එය පාලනය කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම සෞඛ්‍ය අංශ හා ආරක්ශක අංශ ගෙන ඇති අතර ඒ ක්‍රියාමාරග සෑහිමකට පත්විය හැකි තත්වයක තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?