දුමින්ද සිල්වාට සමාව ඉල්ලා මන්ත්‍රීවරු 50කගෙන් ජනපතිට ලිපියක්
මරණ දඬුවමට නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සමාව ලබා දී නිදහස් කරන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 50කට වැඩි පිරිසක් ලිපියකට අත්සන් තබා ඇති අතර එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීමට නියමිත බව වාර්තා වේ.
අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ මූලිකත්වයෙන් අමාත්‍යවරු රැසක් ද දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම සඳහා එම ලිපියට අත්සන් තබා ඇති අතර මේ සඳහා සහය දක්වන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන්ද අත්සන් ලබා ගැනීමට අවධානය යොමුව තිබේ.
2011 වසරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
