Latestදේශීය

FUTA තීරණය වෙනස් කරයි

ඊයේ (04) පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක සභා රැස්වීමේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගීවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු තීරණය කළ බව එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක පවසයි.

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරු, විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා සහභාගීවීමට මීට පෙර තීරණය කර තිබුණද උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තවදුරටත් වර්ජනය කිරීමට පියවර ගෙන තිබිණි.

කෙසේවෙතත් එම ක්‍රියාමාර්ගය අත්හැර පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගීවීමට ඊ පැවති විධායක සභා රැස්වීමේ දී තීරණය කළ බව මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *