Latestවිදේශීය

පකිස්ථානයේ වෙඩි තැබීමක් – 7 දෙනෙක් ජීවිතක්ෂයට

වයඹදිග පාකිස්ථානයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ගුරුවරුන් පස් දෙනෙකු සහ කම්කරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාසල් අවසන් වීමෙන් අනතුරුව ගුරුවරුන් විභාග ප්‍රශ්න පත්‍ර සකස් කරමින් සිටින අවස්ථාවේ පාසලට ඇතුළු වු පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවය. 

ජාතිවාදී සහ ආගමික අර්බුදයක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

වෙඩි ප්‍රහාරය සඳහා වෙඩික්කරුවන් කිහිපදෙනෙකු පැමිණ ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

ගුරු විවේකාගාරය තුළදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බව එරට ආරක්ෂක බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

කෙසේ වෙතත් ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *