Latestදේශීය

යානා 3ක් මත්තලට

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා තුනක් අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් මත්තල ගුවන්තොටුපොළ වෙත යොමු කර තිබේ.

අද දෙරණ ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට මගීන් 297 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සමග ඊයේ රාත්‍රී 10.25ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත යානය මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩ බස්වා ඇති බවය.

එම ගුවන් යානය තුළ සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය මේ වනවිට බස් රථ මගින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබේ.

එසේම ඊට අමතරව ඊයේ රාත්‍රී 10.55ට මාලේ සිට කටුනායකට පැමිණීමට නියමිතව තිබු ගුවන් යානය ද මත්තල ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගෙන තිබේ.

මේ අතර අද පෙරවරුවේ දමාම් නුවර සිට පැමිණි ගුවන් යානය ද මත්තල ගුවන්තොටුපොළ වෙත යොමුකර ඇති බව ගුවන් තොටුපළ කාර්ය භාර්ය නිළධාරියා පැවසීය.

===================== Friday, May 5, 2023 12.58 – Update

කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීම සදහා පැමිණි ගුවන් යානා දෙකක් අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන්තොටුපොළ වෙත යොමු කර තිබේ.

අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ ඊයේ රාත්‍රියේ කටුනායක ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇදහැලී ඇති අතර එම නිසා මෙම පියවර ගෙන ඇති බවය. 

පළමු ගුවන් යානය 297 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය 15 දෙනෙකු සමග ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට පැමිණ ඇති අතර එම යානය ඊයේ රාත්‍රී 11.35 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.

වැඩිදුරටත වාර්තා වන්නේ එම ගුවන් යානය තුළ සිටි මගීන් සහ කාර්යය මණ්ඩලය මේ වනවිට බස් රථ මගින් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇති බවය. 

ඊට අමතරව මාලදිවයින මාලේ සිට පැමිණි ගුවන් යානයක් ද අලුයම 12.02 ට පමණ මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *