LPL තරගාවලියෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින් 5දෙනෙකු ඉවත් වෙයි
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගිවීමට නියමිතව සිටි ජාත්‍යන්තර ක්‍රීඩකයින් 5දෙනෙකු තරගාවලිය සඳහා සහභාගී නොවන බව දැනුම් දී තිබේ.
එම ජාත්‍යන්තර ක්‍රීඩකයින් 5දෙනා නම් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩි රසල්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන ෆෆ් ඩු ප්ලෙසිස්, ඩේව්ඩ් මිලර්, ඩේවිඩ් මාලන් සහ ඉන්දියානු ක්‍රීඩක මන්වීන්ද්‍ර බිස්ලා වේ.
දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගීවන බැවින් ෆෆ් ඩු ප්ලෙසිස්, ඩේවිඩ් මිලර් සහ ඩේවිඩ් මාලන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී නොවන බවට දැනුම් දී ඇති අතර ආබාධයක් හේතුවෙන් ඇන්ඩ්‍රි රසල් ද තරගාවලියට සහභාගී නොවන බව දැනුම් දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
