දේශීය

අක්මීමන ප්‍රදේශයේ තරුණයෙකුට කොරෝනා

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකුට Covid – 19 වෙෙරසය ආසාදනය වී තිබේ.

එම කොවිඩ් ආසාදිත තරුණයා ඊයේ (28) දිනයේ දී ජපානය බලා පිටත්ව යෑමට සූදානමින් සිටි පුද්ගලයෙකු බව වාර්තා වේ.

පෞද්ගලික රෝහලකින් සිදුකළ PCR පරීක්ෂණයකින් මෙම තරුණයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

කොවිඩ් ආසාදිත තරුණයාගේ ඥාතියෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වී පසුගියදා නිවසට පැමිණ තිබෙන අතර ඒ පිළිබඳව නිලධාරීන් දැනුවත් කළ නොමැති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *