DC සහ RCB දෙවන වටය සඳහා සුදුසුකම් ලබයි – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 55වන තරගය ඊයේ (02) දිනයේ දී පැවැත්වූ අතර එම තරගය රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම පරදා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 6කින් ජයග්‍රහණය කළේය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායමට ඇරයුම් කළ අතර එම ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 152ක් රැස්කර ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19ක් තුළ දී ලකුණු 154ක් රැස්කර තරගය ජයගත්තේ කඩුලු 6ක් අතැතිවයි.

තරගය ජයගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙන්ම රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම ද දෙවන වටයේ තරග සඳහා සුදුසුකම් ලබා ඇත.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 56 වන තරගය අද (03) සන්රයිරසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර සාජා හිදී පැවැත්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *