ඉසුරුපාය හෙට සිට විවෘත වේ

කොවිඩ් වෛරස ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ තවකාලිකව වසාදැමූ ඉසුරුපාය හෙට (05) සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ආයතන පරිශ්‍රය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළිත් විවෘත කිරීමට තීරණය කළ බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

ඊයේ ( 03 ) දිනයේ ඉසුරුපාය පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකුට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනය වී ඇති බව වාර්තාවීමත් සමඟ එම පරිශ්‍රය තවකාලිකව වසාදැමීමට බලධාරින් පියවර ගැණිනි.

එම ආසාදිත නිලධාරියාගේ ආශ්‍රීතයින් 6 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති අතර පසුගිය දිනවල එම පරිශ්‍රයේ අඩු සේවක සංඛ්‍යාවක් රැඳීසිටීම හේතුවෙන් අශ්‍රිතයින් සිටින්නේ අඩු පිරිසක් බව අමාත්‍යාංශ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *