මැතිවරණය සොරකම්කරන්න හදනවා. මම උසාවි යනවා – ට්‍රම්ප් කියයි.

ඡන්ද මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

“අපි විශාලයි, නමුත් ඔවුන් උත්සාහ කරන්නේ මැතිවරණය සොරකම් කරන්නයි,”

කෙසේ වෙතත් ට්වීටර් සමාගම විසින් “මැතිවරණයක් සම්බන්ධයෙන් හෝ වෙනත් ප්‍රජා ක්‍රියාදාමයක් පිළිබඳ නොමග යවන සුළු” යනුවෙන් අවවාදයක් මෙම පණිවිඩය සම්බන්ධයෙන්එකතු කර තිබේනවා.

මීට අමතරව ඡන්දය ගණන්කරමින් පවතින් අතර තුර තම ආධාරකරුවන් පිරිසක් ඇමතිමට ඩොනල් ට්‍රම්ප් ධවල මන්දිරයේදි ක්‍රියාකලා. එහිදි ඔහු මෙසේ පැවසුවා.

“මේක අපේ රටට ලැජ්ජාවක්, මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා”

ට්‍රම්ප් තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අතරතුර ද දිගින් දිගටම ඡන්දය “සොරකම් කිරීම” පිළිබඳව ප්‍රකාශ නිකුත් කරනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත්ඩි මොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩ්න් ඉදිරියෙන් සිටියත් තවමත් ජයග්‍රාහනය දෙපාර්ශවයටම විවෘතව පවතිනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *