දේශීය

මෙරට 24 වන කොරෝනා මරණයත් වාර්තා වේ

මෙරට 24 වන කොරෝනා මරණය අද ( 04 ) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79ක් වයසැති කාන්තාවක් බවයි.

ඊයේ ( 03 ) සිය නිවස තුලදීම මියගොස් තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් -19 වෛරස ආසාදිතයෙක් ලෙස හඳුනා ගෙන තිබේ.

එම කාන්තාව මසකට අධික කාලයක් සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසු වූ බවත් නිධන්ගත රෝගයන්ගෙන් පෙළුන බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වාර්තා වී තිබේ.

එම කාන්තාව මියයාමට ආසන්නතම හේතුව කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි තවත් 78 හැවිරිදි පුද්ගලයෙකු නිවසේදී ඇද වැටීමකින් හිසට සිදුවූ බරපතළ  තුවාල හේතුවෙන් පසුගිය 02 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මියගොස් තිබේ.

එම පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණයේදී කොවිඩ් 19 ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත.

කෙසේ  වෙතත් එම පුද්ගලයාගේ මරණය කොරෝනා ආසාදිත මරණයක් නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

එම නිවේදනය පහතින් දැක්වේ,

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?