ක්‍රීඩා

හයිදරාබාත් පිලට කඩුලු 10ක විශිෂ්ට ජයක්

ඊයේ (03) සන්රයිසස් හයිදරාබාත් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් වාර්තා කිරිමට ඩේවිඩ් වෝනර්ගේ නායකත්වයට හැකි විය.

සජාහි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූයේ හයිදරාබාත් පිලයි. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුම්බායි පිලට කඩුලු 8ක් දැවී ලකුණු 149ක් ලබා ගැනීමට හැකි විය.

කිරන් පොලාඩ් ලකුණු 41ක් ද සූරියකුමාර් යාදෙව් ලකුණු 36ක් හා ඉෂාන් කිරන් ක්‍රිෂන් ලකුණු 33ක් තම කණ්ඩායමට රැස් කරන ලදි.

පන්දු යැවීමේ දී කඩුලු 3ක් බිඳ හෙලීමට සන්දීප් ශර්මාහටත් ජේසන් හොල්ඩර් සහ ශහ්බාස් නදීම්හට කඩුලු 2ක බැගින් බිඳ හෙලීමටත් හැකි විය.

හයිදරාබාත් කණ්ඩායම පිළිතුරු ඉනිම ලෙස පන්දු වාර 17.1ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරන ලදි.   

මෙවර තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය මේ මස 05 දින ඩුබායිහීදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැත් වීමට නියමිතව ඇත.

එම තරගයේ ජයග්‍රාහී කණ්ඩායම මේ මස 10වැනි දින පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

අවසන් වටයේ දෙවන තරගය මේ මස 06වැනිදා අබුඩාබිහී දී පැවැත් වීමට නියමිත අතර ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා සන්රයිසස් හයිදරාබාත් යන කණ්ඩායම් අතරය.

එම තරගයෙන් ජය ගන්නා කණඩායම හා අවසන් වටයේ පළමු තරගයෙන් පරාජයට පත් වු කණ්ඩායම  අවසන් වටයේ තෙවන තරගයට සුදුසුකම් ලබනු ඇත.

අවසන් වටයේ තෙවැනි තරගයේ ජයග්‍රාහී කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?