දේශීය

කොවිඩ් නිසා මහල් නිවාස ජීවිත දැඩි අවධනමක

මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් මරණ අතුරින් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙනි.

කොළඹ මහ නගර සභා සීමාව තුළ අධික තදබදයක් සහිත මහල් නිවාසවල වෙසෙන පුද්ගලයින් අනෙක් නිවාසවලට ගමන් කිරීම හා එම පුද්ගලයන් සමඟ ඇසුරු කිරීම සම්පූර්ණයෙන් නතර කළයුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ප්‍රතිශක්තිකරණය අඩු, නිදන්ගත රෝග සහිත පුද්ගලයින් හා වයස්ගත පුද්ගලයින් මෙම වෛරසය ආසාදනය වීමෙන් මියයාමේ සම්භාවිතාව වැඩි බවයි.

තවද පසුගිය දා කොළඹ මහනගර සභා සීමාවේ  නිවෙස් තුළදී මිය ගිය කිහිපදෙනෙක් කොවිඩ් වෛරසය වන අතර PCR පරීක්ෂණ නොකළ කොවිඩ් ආසාදිතයින් මෙම මහල් නිවාස සංකීර්ණවල සහ තදාසන්න ප්‍රදේශවල සිටිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

විශේෂයෙන් කොළඹ මහනගර සභා සීමාව තුළ අධික ජනගහනක් ජීවත්වන බැවින් තදබදයක් සහිත මහල් නිවාසවල සිටින පුද්ගලයින් අනෙක් පිරිස සමඟ ගැටීම සම්පූර්නෙන් සීමා කළ යුතු බව වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.

 “අපේ රටතුළ වගේම විදෙස් රටවලිනුත් කොවිඩ් රෝගය පිළිබඳව තියෙන අත්දැකීම්වලින් පැහැදිළිව කියන්න පුළුවන් වයස්ගත සහ නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට වෛරසය වැළඳුණාම මියයාමට ඇති සම්භාවිතාවය අධිකයි. ඒ නිසා එවැනි අය මේ රෝගය තමන්ට වැළඳීමට තිබෙන ඉඩ අවම කරගත යුතුයි,” යනුවෙන් වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කරන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?