විදේශීය

කොවිඩ් මර්දනය සඳහා දකුණු අප්‍රිකාව දැඩි නීති පනවයි

දකුණු අප්‍රිකාවෙන් කොවිඩ් වෛරස ආසාදිතයින් ඉතා සීඝ්‍රයෙන් වාර්තා වීම හේතුවෙන් එරට ජනාධිපති සිරිල් රමපෝසා මහතා නව සීමා පැන වීමට පියවර ගෙන ඇත.

ඒ අනුව උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ විශේෂ අවසරයකින් තොරව කිසිඳු පුද්ගලයෙකුට නිවසික් බැහැර වීමට අවසර හිමි නොවේ.

එසේම රටපුරා මත්පැන් අලෙවිය ද තහනම් කර ඇති අතර සියලුම තැබෑරුම්, සියලු වෙළෙඳසැල් සහ අනෙකුත් ජනතාව රැස්වන ස්ථාන රාත්‍රී 8 වනවිට වසා දැමිය යුතු බව ද දැනුම් දී ඇත.

පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය කාරණයක් වන බැවින් එසේ නොමැති පිරිසට දඬුවම් පැන වීමටද හැකි බව දන්වා තිබේ.

ජනවාරි 15 වනදා දක්වාවත් මෙම නව සීමා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් වෛරස ව්‍යාප්තිය මගින් රට ආරක්ෂා කිරීමට එරට  ජනාධීපතිවරයා විසින්  මෙම පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

පසුගිය දිනෙක නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගැණුනු අතර මේ වන විට එරට රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට එන රෝගීන් සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් වැඩි වීමක් දක්නට ලැබෙන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම‌ නව වෛරස ප්‍රභේදයට ගොදුරු වූ ආසාදිත කාන්තාවක් ජපානයෙන් ද වාර්තා වී ඇති බව විදෙස් ආරංචිමාර්ග සඳහන් කර ඇත.

කෙසේවෙතත් ලෝකය පුරා කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තා වන සංඛ්‍යා දත අනුව රටවල් පෙළ ගස්වා ඇති ලැයිස්තුවේ 17 වන තැන මේ වන විට සිටින්නේ  දකුණු අප්‍රිකාවයි.

ඒ අනුව රට තුළ සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් 1,011,871 මේ වන විට වාර්තා වී ඇති අතර ඉ් පුද්ගලයින් 848,974 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ.

තවදුරටත් රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 134,826 දෙනෙක් වන අතර එරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 27,071 ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?