නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 23දෙනෙකු අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔවුන් සියළුදෙනා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සහ මුහුණු ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මස 30වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 2,044 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන රීතින් කඩකළ පුද්ගලයින් 1900කට පමණ මේ වන විට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published.