යුක්‍රේන සංචාරකයින්ගේ සීගිරි හා පොළොන්නරු ගමන තාවකාලිකව අවලංගු කෙරේ
මෙරටට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද (04) දින පොළොන්නරුව සහ සීගිරිය ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව තිබුණු අතර එම සංචාරය අවලංගු කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
එබැවින් දේශීය සංචාරකයින් සඳහා එම කලාප විවෘත බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල වැඩි දුරටත් සඳහන් කළේ.
මේ වනවිට යුක්‍රේන ජාතික සංචාරකයින් 563 දෙනෙක් පමණ මෙරටට පැමිණ සිටින අතර ඔවුන්ගෙන් 5 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට පසුගියදා හඳුනාගැනිණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
