දේශීය

නාලක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවේ

ඊ.ටී.අයි. සහ ස්වර්ණමහල් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇත.

පසුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම ආයතනවල හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර සෙසු අධ්‍යක්ෂකවරුන් වන ජීවක එඳිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන පුද්ගලයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *