දේශීය

ජල සම්පාදන අමාත්‍ය වාසුදේවටත් කොවිඩ්

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

පසුගිය 8 වන දා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ අතර ඊයේ (10) පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය විය.

රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පාර්ලිමේන්තුවට පැමිණි මෙහෙතේ සිට ආපසු යන තෙක් වූ CCTV දර්ශන පරීක්ෂා කර ඇති අතර මේ වන විට ඔවුන් සමීපව ඇසුරු කළ මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *