දේශීය

බස්නාහිරින් පිටවන අයට යළිත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

අද (13) සිට යළිත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී කොවිඩ් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පසුගිය දෙසැම්බර් 18 වන දා සිට ජනවාරි 05 වන දා දක්වා බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවල දී මෙම පරීක්ෂණ සිදු කළ අතර අද සිට යළිත් එම පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *