දේශීය

මිරිස්වත්තේ මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 4ක මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකයි

ඊයේ (15) දහවල් මුව ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලික මූල්‍ය ආයතනයක මුදල් සහ රන් භාණ්ඩ මංකොල්ලයක් සිදුකර තිබේ.

ගම්පහ මිරිස්වත්ත පාර ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකට පැමිණ ඇති සැකකරුවන් ගිනි අවි පෙන්වා එහි සිටි සේවකයින් බියගන්වා රුපියල් කෝටි 4කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 05ක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *