දේශීය

බස්නාහිර පළාතේ ආයතන 103 කට එරෙහිව ක්‍රියාමාර්ග

බස්නාහිර පළාතේ ගතවූ පැය 24 තුළ සිදුකළ පරීක්ෂාවකදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු නොකළ  රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන 103 ක් හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

එම කාලය තුළ ආයතන 910ක් පරීක්ෂා කර ඇති අතර ඉන් ආයතන 807ක් නිරෝධායන නීති රීතිවලට අනුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කර ඇති බවට හඳුනාගෙන ඇත.

එසේම ගතවූ පැය 24 තුළ මුව ආවරණ නොපැළඳමින් සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගනිමින් නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 18 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 2,680 දෙනෙකු ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *