දේශීය

බස්නාහිර පළාතේ සා.පෙළ සිසුන්ට ජනවාරී 25 පාසල් ඇරඹේ

ජනවාරී 25 වන දා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ  බස්නාහිර පළාතේ පාසල් යළි විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳව ඊයේ (20) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි

බස්නාහිර පළාතේ සෙසු ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීම සම්බනධයෙන් තීරණය බස්නාහිර පළාතේ සියලුම  දිසත්‍රික්කවල දිසාපතිවරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන්, ප‍්‍රාදේශීය සංවර්ධන ආයතන සභාපතිවරු ඇතුලූ සියලූ පාර්ශවවල අදහස් විමසීමෙන් පසුව සිදු කිරීමට ඊයේ පැවති සාකච්චාවේදී තීරණය කර ඇත.

පාසල් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ ලබා ගැනීමෙන් පසුව අවසර ලැබෙන බස්නාහිර පළාතේ පාසල් සඳහා පෙබරවාරී මස 15 වන දා වන විට අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට හැකියාව පවතින බව අපේක්ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?