මිලියන 20 කට අධික මුදල් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
රුපියල් මිලියන 20 කට අධික මුදල්, 1200cc යතුරු පැදියක් හා පිස්තෝලයක් සමග සැකකරුවෙක් කැලණිය, වනවාසල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු හා අදාළ භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද වැටලීමකදී.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කළ බව පොලීසිය සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
