දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
අද (24) නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
උදෑසන කාලයේදී බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් ඇතිවේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.