ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගයේ තෙවන දිනය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.
ඊයේ (23) දිනය නිමා වනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙන එංගලන්ත කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 98ක් ලබා සිටියේ ය.
එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 05ක් තුළ දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙනිය සමත් වූ අතර දිනය නිමා වනවිට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි නායක ජෝ රූට් ලකුණු 67ක් සහ ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 24ක් ලබා සිටියේ ය.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 381 ක් වේ.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 283ක් පිටුපසින් සිටි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
