දේශීය

යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.

අද (28) අලුයම මෙම අනතුර සිදුව ඇති අතර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් නවතා තිබු ලොරි රථයක හා වෙළෙඳසැළක ගැටී ඇත.

කැබ් රථයේ ගමන්ගත් 41 හැවිරිදි යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයා අනතුරින් මියගොස් තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා  මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වාර්තා වේ.

නෙල්ලිඅඩි පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *