දේශීය

අදත් රටපුරා ගොවි උද්ඝෝෂණ

පොහොර ගැටළුවට කඩිනම් විසදුම් ඉල්ලමින් අදත් රටපුරා ගොවි උද්ඝෝෂණ ක්‍රියාත්මක විය.

පොළොන්නරුව ඇළහැර ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 41ක ගොවින් විසින් ආරම්භ කළ උපවාසය බකමූණ මංසන්ධිය අසල අට්ටාලයක තෙවනය දිනයටත් අද ක්‍රියාත්මක කර තිබුණි.

මෙම උපවාසය සිදුවන ස්ථානයට අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා පැමිණ උපවාසයේ නිරත ගොවින් සමග සාකච්ඡානයට එන් විය.

එසේම කන්තලේ වැව යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 3ක, අක්කර 22,000ක පමණ වගා භූමි ප්‍රමාණයකට ජලය සපයන අතර පොහොර ගැටලුව හේතුවෙන් මේ දිනවල වගා කටයුතු සිදු නොවන නිසාවෙන් ජලය අපතේ යන බව එම ප්‍රදේශයේ ගොවීන් ඇතුළු ප්‍රදේශවාසීන් සඳහන් කර තිබේ.

සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද එම ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක් විය.

මෙලෙස දිවයින පුරා ප්‍රදේශ රැසක ගොවි ජනතාව තමන්ට මතු වී ඇති විවිධ ගැටළු කියමින් තමන්ගේ ගොවිතැන් කටයුතු සමාන්‍ය පරිදී සිදු කිරීමට අවශ්‍ය පොහොර ලබා දෙන ලෙස ඉග්ගීම් කරමින් විවිධ උද්ඝොෂණ ක්‍රියාකාරකම්වල නිරත විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?