දේශීය

ප්‍රතික්ෂේප කළ චීන පොහොර යළි පරීක්ෂා කිරීමට එකඟයි – අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ

ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ රඳවා සිටින චීන සමාගමක කාබනික පොහොර තොගයක් සහිත නෞකාවේ පොහොර සාම්පල දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර නැවතත් පරික්ෂා කිරීමට එකඟ වූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා මේ පිළිබඳ කියා සිටියේ අද (26) කොළඹ දී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමිනි.

මෙරට පරීක්ෂණාගාර වල සිදුකර ඇති පරීක්ෂණ වාර්තා පිළිගත නොහැකි බව චීන සමාගම පවසයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අදාළ පොහොර නිෂ්පාදන සමාගම ලොව පිළිගත් ප්‍රධාන රටවල් 16කට පොහොර නිෂ්පාදනය කරන ආයතනයක් වන අතර එම නිසා එහි ප්‍රමිතිය පිළිබඳව අවබෝධයක් ගන්නා ලෙසයි.

ඒ අනුව මෙම පොහොර තොග තුන්වෙනි පාර්ශ්වයකින් යළි පරික්ෂා කරන ලෙස චීන තානාපතිවරයා සහ පොහොර සමාගමේ නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීම කර ඇති බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?