දේශීය

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නංවන්න – ගෑස් සමාගම්

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාමත් සමග මෙරට භාවිතයට ගැණෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් ඉල්ලීමක් කර ඇත.

එම සමාගම් පෙන්වා දෙන්නේ, මේ වන විට පවතින තත්ත්වය තුළ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ද ඉහළ නංවන ලෙස ගෑස් සමාගම් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙරට තුළ මේ වන විට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 1,493කට බව පෙන්වාදෙන මෙම  සමාගම් අවම වශයෙන් එහි මිල රුපියල් 1,900 දක්වා හෝ වැඩි කළ යුතු බවයි සඳහන් කර ඇත්තේ.

මෙරටට වර්තමානයේ ගෑස් ආනයනය කරනු ලබන්නේ සෞදි අරම්කෝ මිල දර්ශකයට අනුව වන අතර අද  සිට ප්‍රොපේන් මෙට්‍රික් ටොන් එකක මිල අමෙරිකානු ඩොලර් 605 ක් දක්වා ඉහළ දමා ඇති බව ද වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *