Latestදේශීය

2022 වසරේ විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 09ක් නිකුත් කරලා

2022 වසරේදී විදේශ ගමන් බලපත්‍ර නවලක්ෂ එකළොස්දහස් හයසිය අසූනවයක් නිකුත් කර ඇතැයි,වාර්ශික කාර්‍ය සාධන වාර්තාව නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ පසුගිය වසර පහ තුළ නිකුත් කර ඇති වැඩිම විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව, 2022 දී නිකුත් කර ඇති බවයි.

2021 වසරේදි නිකුත් කළ විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවට වඩා, පන් ලක්ෂ විසිනව දහස් එකසිය තිස්අටක්, 2022 වසරේදී නිකුත් කර ඇතැයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පසුගිය වසරේ කටුනායක ගුවන් තොටුපොළින් රටින් පිටවි ඇති සංඛ්‍යව විසි ලක්ෂ දහඅට දහස් හැට හයක්.

ඒ අතරින් එකොලොස් ලක්ෂ විසිහතර දහස් විසි දෙකක් ශ්‍රී ලාංකිකයින් වන අතර අට ලක්ෂ හැට හතර දහස් හයසිය හතලිස් අටක් විදේශිකයන් වන බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?