කොළඹ – පුත්තලම A03 ප්‍රධාන මාර්ගය හෙට සවස 6 දක්වා වැසේ

කොළඹ – පුත්තලම A03 ප්‍රධාන මාර්ගය අද (05) උදෑසන 6.00 සිට හෙට (06) සවස 6.00 දක්වා වසා තැබෙන බව පොලීසිය පවසයි.

ඒ එම මාර්ගයේ මීගමුව, ගල්කන්ද හන්දිය දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අලුත්වැඩියාවක් හේතුවෙන් වන අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවට හා රියැදුරන්ට දැනුම් දී තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *