දේශීය

දුම්රියේ ගැටී ගුරුවරයෙකු මරුට

යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් අද (07) දහවල් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගුරුවරයෙකු ලෙස සේවය කළ අයෙක් බවයි යාපනය පොලීසිය සඳහන් කළේ.

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර දුම්රියේ ගැටුණු පුද්ගලයාගේ සිරුර නාවට්කුලි දුම්රිය ස්ථානය වෙත රැගෙන යාමෙන් අනතුරුව එය පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *