දේශීය

විශ්වවිද්‍යාල සඳහා වැඩි සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනීමට පියවර – මහාචාර්ය සම්පත් අමරතුංග

විශ්වවිද්‍යාලවල වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ ඇතුළු සියලු පීඨ සඳහා වැඩි සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනීමට තීරණය කර ඇති බවත් එම සංඛ්‍යාව ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කර ඇත.

මේ පිළිබඳ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අදාළ බලධාරීන් සමග සිදු කළ  සාකච්ඡාවලදී සිසුන් සංඛ්‍යාව තවත් ඉහළ නැංවීමට එකඟතාවකට පැමිණි බව, ඔහු සඳහන් කළේ ය.

එසේම අදාළ බඳවා ගැනීම් සහ පීඨවල ඒ සඳහා ඇති සූදානම පිළිබඳව මහා භාණ්ඩාගාරය සමග ද සාකච්ඡා කර ඇති බවත් එම කරුණු සැලකිල්ලට ගෙන බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තීරණය කර තිබේන බවත් මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පැවසුවේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?