මිරිස්වත්තේ නීතිවිරෝධී ආයුධ ගබඩාවක් වටලයි – එක් සැකකරුවෙකු අත්අඩංගුවට
ගුවන් හමුදා බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා විසින් කටාන මිරිස්වත්ත ප්‍රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ආයුධ ගබඩාවක් වැටලා ඇති බව වාර්තා වේ.
සිද්ධියට අදාළ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස සිදුකරන ලද විමර්ශනයේ දී ගිනි අවි 8ක් සහ උණ්ඩ 1,171 ක් විශේෂකාර්ය බළකාය භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂකාර්ය බළකාය සඳහන් කළේ අත්අඩංගුවට ගත් ඇතැම් ගිනිඅවි විදේශ රටවල නිෂ්පාදනය කරන ලද ඒවා බවයි. එසේම සොයාගත් ගිනිඅවි, උණ්ඩ සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටාන පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
