ගොල්ෆ් ක්‍රීඩක ටයිග වුඩ්ස් රිය අනතුරකට ලක්වේ
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි සිදුවු රිය අනතුරකින් සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිග වුඩ්ස් බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් ඔහුගේ පාදවලට බරපතළ තුවාල සිදුවී ඇති බවයි.
ලොස් ඇන්ජලිස් හි රෝහලකට ඇතුළත් කර ඇති ඔහු හදිසි ශෛල්‍ය කර්මයකට ද භාජනය කර ඇති බව වාර්තා වේ.
වේගය පාලනය කරගත නොහැකිව මෝටර් රථය මාර්ගයෙන් ඉවතට විසි වී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
45 හැවිරිදි ටයිග වුඩ්ස් වැඩිම වාර ගණනක් ගෝල්ෆ් ශුරතාවන් ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
