දේශීය

පකිස්ථාන අගමැති අද ජනපති හමුවෙයි

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (24) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.

ඉන් පසුව ජනපතිවරයා සහ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර පෙරවරු 10.30 ට පමණ ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇත.

එම සාකච්ඡාවෙන් අනතුරුව පකිස්ථාන ආග්‍රාමාත්‍යවරයා කොළඹ දී පැවැත්වෙන වෙළෙඳ හා අයෝජන සමුළුව ඇමතීමට ද නියමිතය.

මේ අතර පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඊයේ (23) පස්වරු 4.00 ට පමණ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට ළඟා විය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

එහිදී පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත හමුදා උත්තමාචාර පිරිනැමීමක් ද සිදු කෙරිණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?