ඉම්රාන් ඛාන්ගේ බලය පිළිබඳ තීරණය හෙට
පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට පාර්ලිමේන්තුවේ විශ්වාසය තහවුරු කිරීමේ යෝජනාවකට මුහුණ දීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.
එරට සෙනෙට් මණ්ඩලයේ ආසන 48 කට සහ උත්තර මන්ත්‍රී මණ්ඩලයේ ආසන 96ක් වෙනුවෙන් පැවති මැතිවරණයේ ප්‍රතිඵල ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පාලක තරීකී ඉන්සාෆ් පක්ෂයට දරුණු පරාජයක් අත්කර දෙනු ඇති බවට අනාවැකි පළ වීම හේතුවෙන් මෙම තීරණයට එළඹී ඇති බව වාර්තා වේ.
ඉම්රාන් ඛාන්ගේ පක්ෂය විශ්වාසය තහවුරු කළ යුතු බවට යෝජනා කර ඇත.
කෙසේ වෙතත් හෙට (05) නිකුත් කෙරෙන ඡන්ද ප්‍රතිඵලවලට අනුව අගමැති ඉම්රාන් ඛාන්ගේ බලය පිළිබඳ තීන්දු වීමට නියමිතව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
