මෙරට කොවිඩ් තතු
ලොව පුරා ව්‍යාප්ත වී ඇති කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,907 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (14) තවත් නව වෛරස ආසාදිතයින් 282 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.
මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 84,648 ක් පූර්ණ සුවය ලබා තිබේ.
තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2,732 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
ඊයේ මෙරට කොවිඩ් මරණ ලැයිස්තුවට තවත් එක් මරණයක් එකතු වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 527 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
