Latestවිදේශීය

ඉරානයට එරෙහිව කළ යුද්ධයේ වියදම ගල්ෆ් රටවල් ගෙවිය යුතුයි – ට්‍රම්ප් කියයි

ඉරා­නය සමඟ පැවති යුද්ධ­යේදී සිය හමු­දාවේ ආර­ක්ෂාව ලැබූ රට­වල් යුද්ධය සඳහා වැය වූ සියලු මුදල් අමෙ­රි­කා­වට ආපසු ගෙවිය යුතු බව ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ඉරාන ප්‍රහා­ර­ව­ලින් සවුදි අරා­බිය ඇතුළු සියලු මැද­පෙ­ර­දිග රට­වල් ආරක්ෂා කළ බවත්, ඊශ්‍රා­ය­ලයේ ආර­ක්ෂාව වෙනු­වෙන් ද සැල­කිය යුතු කාර්ය­භා­ර­යක් සිදු කළ බවත් සීබී­එස් පුවත් සේවය සමඟ සම්මුඛ සාක­ච්ඡා­ව­කට එක්වෙ­මින් ඔහු සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

අමෙ­රි­කාව නොසි­ටි­න්නට අද වන විට ඊශ්‍රා­ය­ල­යක් ඉතිරි නොවන බව සඳ­හන් කර ඇති ජනා­ධි­ප­ති­ව­රයා ඊශ්‍රා­ය­ල­යෙන් ද වන්දි ලබා­ගන්නා බව ප්‍රකාශ කර තිබේ. ඉරාන යුද්ධ­යට වැය කළ මුදල අමෙ­රි­කානු ජන­තා­ව­ගෙන් අය කර ගැනීමේ කිසිදු බලා­පො­රො­ත්තු­වක් නැති බවත්, යුද්ධ­යේදී අමෙ­රි­කාවේ රැක­ව­ර­ණය ලැබූ රට­වල් එම මුදල ගෙවීම අනි­වාර්ය බවත් ඔහුගේ අද­හස වී තිබේ.

ඉරාන හමු­දාව හෝමූස් සමුද්‍ර සන්ධිය අව­හිර කිරී­මේදී මැද­පෙ­ර­දිග කලා­පයේ ආර­ක්ෂාව වෙනු­වෙන් පෙනී සිටි බවත්, හෝමූස් මුහුදේ යාත්‍රා කළ නෞකා­ව­ලට ආර­ක්ෂාව ලබා දුන් බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ. පෙන්ට­ග­නයේ තොර­තු­රු­ව­ලට අනුව ඉරාන යුද්ධය සඳහා අමෙ­රි­කානු හමු­දා­වට ඩොලර් බිලි­යන 47ක් වැය වී ඇතැයි වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *